කොළඹ ICBT Campus හි අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එහි සඳහන් වෙන්නේ, එම ශිෂ්‍යයා ICBT Campus හි කොළඹ පිහිටි ශාඛාව වෙත පසුගිය ඔක්තෝබර් 4 වන දා පැමිණ ඇති බවය.
ඒ අනුව, ICBT Campus ආයතනය එම ශිෂ්‍යයා ඉගෙනුම ලැබූ පන්තියේ අනෙක් සිසුන් ද හඳුනාගෙන ඇති අතර සිද්ධිය පිළිබඳව ඔවුන් දැනුවත් කර ඇති බව ද එහි සඳහන් වේ.
එසේ ම, අදාළ ශිෂ්‍යයා මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව ද එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
යම් අයෙකු, පසුගිය ඔක්තෝබර් 4 වන දා හෝ ඊට පසුව බම්බලපිටියේ පිහිටි ICBT Campus වෙත පැමිණියේ නම් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් එම ආයතනය සිසුන්ට දැනුම් දෙයි.
එම නිවේදනය.
No comments:
Post a Comment