බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ කොරෝනා ආසාදිත කාන්තාවක් පසුගිය දා දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල දක්වා පැමිණ තිබීම හේතුවෙන් එම බස්රථයේ පැමිණි සියලු දෙනාටම ඉදිරිපත් වන ලෙස සෞඛ්‍ය අංශ විසින් ඉල්ලීම් කර තිබුණත් මෙතෙක් කිසිවකුත් ඉදිරිපත් වී නැති බව දැනගන්නට ඇත.
කඩවත සිට ගාල්ලට පැමිණි අංක NB–7323 දරණ අධිවේගී මාර්ග බස් රථයේ 35 දෙනකු ගමන් කොට ඇති බව පැවසේ.
එම බස් රථය කඩවතින් ගමන් ආරම්භ කර ඇත්තේ උදෑසන 6.30ට බව ද අනාවරණය වී ඇත.
මේ දක්වා ඉදිරිපත් වී ඇත්තේ බසයේ රියදුරු හා කොන්දොස්තර මහතා පමණි. ඔවුන් දෙදෙනා නිරෝධායනයට යොමු කර ඇත.
ඔවුන් ගැන තොරතුරක් දන්නේ නම් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට හෝ දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.
No comments:
Post a Comment