ගම්පහ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව කේන්ද්‍ර කරගෙව ඇති වී තිබෙන කොරෝනා පොකුර පාලනය කිරීම සඳහා කුණ්ඩලිනී ශක්තිය යොදාගෙන ආශිර්වාද කිරීමේ කටයුතු ආරම්භ කිරීමට වෛද්‍ය එලියන්ත වයිට් මහතා තීරණය කර ඇතැයි අද මව්බිම පුවත්පත වාර්තා කරයි.
එසේ ආශීර්වාද කරන ලෙස රජයෙන් රජය රජයේ නියෝජිතයන් විසින් ඔහුගෙන් ඉල්ලීම් කර ඇති බවත් ඒ ගැන ඒලියන්ත වයිට් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් අතර සාකච්ඡාවක් සිදු වී ඇතැයි ද වාර්තාවේ සඳහන් වෙයි.
වැලිසර නාවික හමුදා කඳවුරේ හා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඇති වූ කොරෝනා කරුණා පොකුර පාලනය සඳහා ද ඒ මහතා ආශිර්වාද කරන ලද බවත් මිනුවන්ගොඩ පොකුර පාලනය සඳහා ද එම ආශිර්වාදය ම සිදු කිරීමට ඔහු තීරණය කර ඇති බවත් එම වාර්තාවේ දැක්වෙයි.
තමආශිර්වාද කටයුතු සඳහා සෞඛ්‍ය බලධාරීන් ආරක්ෂක අංශ බුද්ධි අංශ ඇතුළු සියලු දෙනා කරන විශාල කැප කිරීම සහයෝගයක් බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.
No comments:
Post a Comment