කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුකොටගෙන සති අන්තයේ කොළඹට හෝ වෙනත් කිසිදු ප්‍රදේශයකට අලුතින් ඇඳිරි නීතිය පැනවීමක් සිදු නොකරන බව හමුදාපති ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
සතිඅන්තයේ පොලිස් ඇඳිරි නීතිය හෝ සම්පූර්ණ වසා දැමීම සිදුකරනුයේ දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට පමණක් බවද යුදහමුදාපතිවරයා පෙන්වා දෙයි.
කෙසේවෙතත් සතිඅන්තයේදී අනවශ්‍ය ගමන් බිමන්වලින් බැහැරව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙසද යුදහමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.
No comments:
Post a Comment