බ්‍රැන්ඩික්ස් පොකුරේ තවත් අසාදිතයින් 61ක් හඳුනා ගෙන තිබෙනවා.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 03 දෙනෙකු සහ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 58 දෙනෙකු ඊට ඇතුළත් බවයි.
ඒ අනුව මේ වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1,850 දක්වා ඉහළ ගියා.
මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබු තවත් රෝගින් 05 දෙනෙකු අද පෙරවරුවේ රෝහල් වලින් පිටව යනු ලැබුවා.
ඒ අනුව මේ වනවිට වෛරසය අසාදනය වී සුවය ලැබු මුළු රෝගින් සංඛ්‍යාව 3,385ක්.
No comments:
Post a Comment