Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Friday, September 25, 2020

මාතරින් හමුවූ කොරෝනා ආසාදිතයා ගැන අලුත්ම ආරංචිය මෙන්න



කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනුණු රුසියානු ජාතිකයා නවාතැන්ගෙන සිටි සංචාරක හෝටලයේ පරිපාලනය විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් මඟින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සහ උපදෙස් නිසිලෙස අනුගමනය කර නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළා.

ඔහු කියා සිටියේ නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස අදාළ සංචාරක හෝටලය ක්‍රියාත්මක විය යුතු වන්නේ යුද හමුදාවේ අධීක්ෂණය යටතේ වූවද, හෝටල් පරිපාලනය විසින් මෙම සංචාරක කණ්ඩායම සම්බන්ධයෙන් යුද හමුදාව දැනුවත් කර නොමැති බවයි.

කෙසේ වෙතත්, මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී වළක්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියා.

මාතර - පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගැනීම සඳහා රුසියානු ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයින් 15 දෙනෙකු පැමිණ ඇත්තේ පසුගිය 13 වනදායි.

ඔවුන් ඊයේ (24) දිනයේ මෙරටින් පිටත්ව යාමට නියමිතව සිටි අතර ඊට පෙර මාතර නගරයේ පෞද්ගලික රෝහලකින් පී.සී.ආර් පරීක්ෂණ සිදු කරගෙන තිබෙනවා.

එහිදී එක් රුසියානු ජාතිකයෙකුට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බවයි මාතර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එරාජ් වීරසූරිය සඳහන් කළේ.

කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගත් රුසියානු ජාතිකයා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (24) සිදුකළ පළමු පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තා අනුව ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ සුරංග උබේසේකර සඳහන් කළා.

කෙසේ වෙතත්, ඊයේ රාත්‍රියේත් ඔහුගෙන් යළි ජෛව සාම්පල ලබාගෙන තවත් පී.සී.ආර්. පරීක්ෂාවක් සඳහා යොමුකර ඇති අතර, එහි වාර්තාව අද දිනයේ ලැබීමට නියමිතයි.

මේ අතර, අදාළ සිද්ධියත් සමඟ මේ වනවිට පුද්ගලයින් සියයකට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඒ අනුව ආසාදිත රුසියානු ජාතිකයා නවාතැන්ගෙන සිටි හෝටලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 18 දෙනෙකු සහ හෝටලයේ කළමනාකරුගේ බිරිඳ හා ළමයින් දෙදෙනා මෙන්ම තවත් ගර්භණී කාන්තාවක්ද අදාළ හෝටලයේ සිට නිරෝධායනයට ලක්වනවා.

තවත් හැට දෙදෙනෙකු පොලිසිය මගින් පවත්වාගෙන යනු ලබන හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වන බව සඳහන්.

එසේම, ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු හඳුනා ගැනුණු අතර, ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිත සංඛ්‍යාව 3,333 ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව 178 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා.

No comments:

Post a Comment

Post Bottom Ad