Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Friday, September 4, 2020

ආණ්ඩුවට මෙතරම් බලයක් දී ඇත්තේ ජනනතාවගේ මනස විකෘති වීම නිසා

ආණ්ඩුවට ජනතාව මෙතරම් බලයක් ලබා දී ඇත්තේ ජනනතාවගේ මනස විකෘති වීම නිසා බවත් අද ජනාධිපති ගමකට අපේ අපේ දෙයියන් වඩිනවා කියලා කියන රටක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

පෙරේදා දිනය රට පුරා මහ වැස්සක් වැස්සේ ජනාධිපතිවරයා හෙලිකොප්ටරයෙන් රටපුරා ගිය නිසා වන්නට ඇතැයි ඇය පවසයි.

එවන් මානසික තත්ත්වයකින් ජනතාව සිටින වෙලාවක ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡා කරන එක බොරු වැඩක් යැයි ද ඇය සඳහන් කරන්නීය.

එනිසා දැන් ඉතිරිව ඇත්තේ දෙන දේ කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න බව ද ඇය පැවසීය.

19 සංශෝධනය අහෝසි කළ හොත් නැවතත් ජනාධිපතිගේ ධුර කාලයට සීමාවක් නැතිවනු ඇති බවත් ගෝඨාභය ජනාධිපති ගෙන් පසුව බැසිල් රාජපක්ෂ, ඊළඟට නාමල් රාජපක්ෂ බලයට පත්වනු ඇති බවත් ඇය සඳහන් කළාය.

මෙරට දේශපාලනය කළ යුත්තේ රාජපක්ෂලා පමණක්දැයි ප්‍රශ්න කළ ඇය සාමාන්‍ය දේශපාලනඥයකුට නැගිටින්න ඉවක් අවස්ථාවක් නොදෙන මේ මොන කරුමයක් දැයි විමසා සිටියාය.

සමගි ජන බලවේග මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

No comments:

Post a Comment

Post Bottom Ad