Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Thursday, September 3, 2020

එල්ලූම් ගහේ ඉන්න දෙමටගොඩ චමින්දගේ කෝටි 23 ක කුඩු මාට්ටු


මරණ දඬුවම නියම වී බන්ධනාගාර ගත කර සිටින කොළඹ ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් බව කියන රුපියල් විසිතුන් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සපුගස්කන්ද හෙයියන්තුඩුව ප‍්‍රදේශයේ ලී මඩුවක සඟවා තිබියදී මීගහවත්ත පොලිසිය මගින් ඊයේ (02 දා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හෙරොයින් ජාවාරමට කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකු සම්බන්ධ වී සිටින අතර සපුගස්කන්දේදී ඊයේ අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය සඟවා තබා ගෙන සිට ඇත්තේ එම කොස්තාපල්වරයාගේ සොහොයුරා විසින් බව ද පොලිසිය පැවසීය.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට අතුරුදන්ව ඇති අතර හෙරොයින් කිලෝග‍්‍රෑම් 23 ක් සමග ඔහුගේ සොහොයුරා මීගහවත්ත පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී.

විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙම හෙරොයින් තොගය සපුගස්කන්ද ප‍්‍රදේශයට රැුගෙන ගොස් තම සොයුරාට බාරදී ඇත්තේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා විසින් බවයි.

මෙම හෙරොයින් තොගය ලී මඩුවේ ශබ්ද විකාශන බෆල් යන්ත‍්‍ර දෙකක් තුළ ඉතා සූක්ෂමව අසුරා තිබූ බව ද පොලිසිය පවසයි.

ඊෂිකෑෂ් ක‍්‍රමයට හෙරොයින් ජාවාරමේ යෙදුණු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන මීගහවත්ත පොලිසිය දීර්ඝ ලෙස කළ විමර්ශනයකදී මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව සුලමුල හෙළි විය.

මෙම හෙරොයින් තොගය කිලෝග‍්‍රෑමය බැගින් වූ පාර්සල් තුළ අසුරා බෆල් යන්ත‍්‍ර දෙක තුළ තැන්පත් කර තිබූ බව පොලිසිය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා දීර්ඝ කාලයක සිට මෙම සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වමින් හෙරොයින් ජාවාරමේ නිරත වූ බව විමර්ශනවලින් හෙළිව තිබේ.

මෙම සැකකාර කොස්තාපල්වරයා හෙරොයින් ජාවාරම්කරුවන්ට අයත් හෙරොයින් තොග විවිධ ප‍්‍රදේශවලට ප‍්‍රවාහනය කිරීමේ කටයුතුවල ද නිරතව ඇතැයි පොලිසිය පවසයි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන පවත්වයි.

මෙම හෙරොයින් තොගය අයත් බවට සැක කරන දෙමටගොඩ චමින්ද නමැත්තා හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවකු වී මරණ දඬුවම නියම වී සිටින පුද්ගලයකු බව ද පොලිසිය පවසයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසාද් රණසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මීගහවත්ත පොලිස් ස්ථානාධිපති හේරත් මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන සහ දෙල්ගොඩ - ඩබ්ලිව්. ඞී. විතාන, බියගම - සුගත් පුබුදු කීර්ති

පිංතූර - නිමල් දයාරත්න
දිවයින

No comments:

Post a Comment

Post Bottom Ad