Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Tuesday, September 1, 2020

එකම ගුවන් යානයෙන් කටාර් සිට පැමිණි 54 දෙනෙකුට කොරෝනා

කටාර් සිට පැමිණ නිරෝදායනයට ලක් වෙමින් සිටි පුද්ගලයින් 22 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. ඒ සමග මෙරට වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3071ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි සෞඛ්‍ය අංශ වාර්තා කර සිටියේ.

කටාර් සිට පැමිණි තවත් පුද්ගලයින් 32 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දිනයේදී තහවුරු වුවා. ඒ අනුව කටාර් සිට පැමිණි පුද්ගලයින් 54 දෙනෙකුට ඊයේ පෙරවරු 10 සිට අද පෙරවරු 10.00 කාලය තුලදී කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී තිබෙනවා. පසුගියදා කටාර් සිට දිවයිනට පැමිණි මෙම ගුවන් යානයේ ගුවන් මගීන් 398 දෙනෙකු සිට ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ.

ඊයේ දිනයේදී ද මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු වාර්තා වූ අතර එම පිරිස අතර මුහුදු නෞකා ආරක්ෂකයින් ලෙස කටයුතු කරන ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු ද සිටිනවා. සෙසු පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 02ක් හා කටාර් සිට පැමිණි පුද්ගලයින් 32 දෙනා ඇතුලත්.

වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගෙන් මේ වන විට පුද්ගලයින් 2868 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 191ක් වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad