Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Monday, August 31, 2020

හුරුබුහුටියා ලබන 13 තෙක් රිමාන්ඩ්


මුව ආවරණයක් තුළ සූක්ෂම ලෙස සඟවා අලෙවි කිරීම සඳහා හෙරොයින් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ සංජය මධුශංක විජේසේකර හෙවත් හුරුබුහුටියා නැමැත්තා ලබන මස 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. ගනේමුල්ල පොලිසිය මඟින් ඊයේ මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මුඛ ආවරණය තුළ සගවා තිබූ කුඩා ප්‍රමාණයේ හෙරොයින් ඇසුරුම් 7ක් තම භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම, කිරින්ද - ගෙවල්සියය ප්‍රදේශයේ නිවසක සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 42ක් සමගින් 42 හැවිරිදි සිව් දරු මවක් අත්අඩංගුවට ගත් අතර පසුව අනාවරණ වූයේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියෙකු විසින් මෙම හෙරොයින් ජාවාරම මෙහෙයවා ඇති බවටයි.

මේ අතර, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දැනට ඉන්දියාවට පළාගොස් සිටින කිඹුලාඇලේ ගුණා සහ ඔහුගේ සහෝදරයෙකු විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ 08 දෙනෙකු ද සපුකස්කන්ද පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත්තා.

සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා හොරොයින් ග්‍රෑම් 70කට අධික ප්‍රමාණයක්, තියුණු ආයුධ කිහිපයක්, හෙරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් 20,000ක මුදලක් සහ ජාවාරම සඳහා යොදාගත් ත්‍රිරෝද රථ දෙකක් මෙන්ම යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන මොහොමඞ් ෆාරූස් හෙවත් ෆායිස් පිච්චේ මාළිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1180ක් සමඟින්.

මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේදී හොරොයින් ජාවාරමේ නිරත කාන්තාවක් ඇතුළු 03 දෙනෙකු මීගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර, ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 21ක්, අයිස් ග්‍රෑම් 27ක් සහ එම ජාවාරමෙන් උපයා ගත් බව පැවසෙන රුපියල් 36,000ක මුදලක් ද පොලිසිය භාරයට ගනු ලැබුවා.

එමෙන්ම, බම්බලපිටිය සහ කෙසෙල්වත්ත ප්‍රදේශවලදී සිදු කළ වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 481 ක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු බම්බලපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad