තම පෙම්වතිය සමඟ නෙලුව - ලංකාගම පිහිටි දූවිලි ඇල්ලේ නාමින් සිටියදි ඊයේ(19) පස්වරුවේ දියේ ගිලි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නෙලුව පොලීසිය පවසනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ වැල්ලවත්ත, මෙල්බන් පෙදෙස පදිංචි 35හැවිරිදි අයෙක්.
වෛද්‍යවරියක් වන තම පෙම්වතිය සමඟ ඔහු නාමින් සිටින අතරතුරයි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.
ප්‍රදේශවාසින් සහ පොලීසිය එක්ව දියේ ගිලුණු පුද්ගලයාගේ සිරුර සොයාගෙන නෙලුව රෝහල වෙත ගෙනගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය රෝහලේදි අද පැවැත්වීමට නියමිතයි.
No comments:
Post a Comment