Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad

Wednesday, July 22, 2020

මාස 1 1/2 දරුවා ඇඳේ තබා මහ රෑ මාරු වුණ 19 හැවිරිදි අම්මා රිමාන්ඞ්

තම මාස එකහමාරක කුඩා දරුවා රාත‍්‍රි කාලයේදී නිවසේ ඇඳ මත තබා රහසිගතව නිවසින් ගිය මවක් ඇගේ සැමියා කළ පැමිණිලිලක් අනුව කොස්මෝදර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
 
 ඇය 20 වැනිදා මොරවක මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මොරවක මහෙස්ත‍්‍රාත් ශෂිකා මිතුනආරච්චි නියෝග කළාය.
 
 එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වෙරළුව, යටිහොරගල, වරල්ල පදිංචි 19 හැවිරිදි කාන්තාවකි.
 
 ඇය පසුගිය 14 වැනිදා රාත‍්‍රී 1.30ට පමණ තම මාස එක හමාරක පිරිමි දරුවා නිවසේ ඇඳ මත දමා සැමියාට හොරෙන් ඇගේ මව සමග ත‍්‍රිරෝද රථයකින් නිවසින් බැහැරව ගොස් ඇත. එසේ ගොස් රත්ගම ප‍්‍රදේශයේ මවගේ නිවසේ කල් ගෙවා ඇති බව පොලිසිය පවසයි.
 
 රාත‍්‍රී කාලයේ දරුවා දිගටම ඇ`ඞීම නිසා වෙනත් කාමරයක සිටි සැමියා පැමිණ බලන විට දරුවා පමණක් ඇඳ මත අඬමින් සිට ඇත. පසුව තම බිරිඳ වැසිකිළියට ගොස් ඇති බව සිතා සැමියා වැසිකිළියේ සහ නිවසේ වටපිටාව පරීක්ෂා කළත් බිරිඳ නිවසේ සිට නැත. ඒ නිසා මේ සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසියට පැමිණිලි කර ඇත.
 
 පසුව සැමියා ඇය ගැන තොරතුරු සොයා පොලිසියට කළ දැනුම්දීමක් මත රත්ගම ප‍්‍රදේශයේ බිරිඳගේ මවගේ නිවසේ සිටි ඇය පොලිසියට ගෙන්වා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad