Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Friday, May 8, 2020

එළැඹෙන මාස 9දී බිළිඳුන් කෝටි 11 ක් උපදීවි


ලෝක සෞඛ්‍ය සංවිධානය  ආපදාවක්ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එළැඹෙන මාස නවයකට ආසන්න කාලයේදී බිලිඳුන් මිලියන 116 (කෝටි 11.6 ක්) උපදිනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) සකස් කරන ලද නවතම වාර්තාවකින් ඒ බව අනාවරණය වී ඇත.
මාස 9 ක් ඇතුළත දරුවන් මිලියන 116 ක් උපත ලබන බවට ඇස්තමේන්තු කර ඇතත් එම කාලය ඇතුළතදී aapadhaawa තුරන් වන බවට කිසිම ආකාරයේ තක්සේරුවක් මෙතෙක් කර නැත.

චීනයෙන් හුබෙයි පළාතේ වූහාන් නරගයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් බව කියන aapadhaawa හේතුවෙන් ලොව රටවල් රැසක් රටම වසා දැමීමේ ‘ලොක්ඩවුන්’ සීමා පනවන ලදි. ඇතැම් රටවල් ඇඳිරි නීතිය ඇතුළු දැඩි සීමා පැනවීය.

‘‘mea හේතුවෙන් අලුත උපදින දරුවන්ට සහ මව්වරුන්ට ලබාදෙන සෞඛ්‍ය පහසුකම්වලට බාධා එල්ල වෙන්න පුළුවන්’’ යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙයි.

“දරුවන් මිලියන 116ක් (කෝටි 11.6ක්) උපත ලබාවී” යැයි යුනිසෙෆ් සංවිධානය සිය වාර්තාව මඟින් ඇස්තමේන්තු කර ඇත. “අම්මලාටත් අලුත උපදින බිලින්ඳන්ටත් දරුණු තත්ත්වවලට මුහුණ දෙන්න සිදුවේවි” යැයි ද එම සංවිධානය පෙන්වාදෙයි.

වැඩිම දරුවන් ගණනක් උපදිනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත්තේ ඉන්දියාවේය. ඉදිරි මාස නවයක කාලයේදී ඉන්දියාවේ දරුවන් මිලියන 20.1ක් උපදිනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඇස්තමේන්තු කර ඇත. චීනයෙන් මිලියන 13.5ක්, නයිජීරියාවෙන් මිලියන 6.4ක්, පාකිස්තානයෙන් මිලියන 5ක් සහ ඉන්දුනීසියාවෙන් මිලියන 4 ක් වශයෙන් දරු උපත් වාර්තා වනු ඇතැයි ද දැනට ඇස්තමේන්තු කර ඇත.

“ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ සීමා හේතුවෙන් ජීවිත ආරක්ෂා කරන සෞඛ්‍ය සේවාවලට බාධා එල්ල වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දරු උපත්වලදී හා ඒ ආශ්‍රිත සෞඛ්‍ය සේවාවලට බාධා එල්ල වෙන්න පුළුවන්. මේ තත්ත්වය නිසා ලොවපුරා ගර්භණී අම්මලා සහ ඔවුන්ගේ දරුවන් මිලියන ගණනකගේ ජීවිත අවදානම පත්ව තිබෙනවා’’ යැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදෙල් විධායක අධ්‍යක්ෂ හෙන්රියෙටෝ ෆෝ සඳහන් කළාය.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මෙම ඇස්තමේන්තු කර ඇත්තේ මේ වසරේ මාර්තු 11 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා සති 40 ක කාලයටය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළේ මාර්තු මස 11 වැනිදාය.

– ද හින්දුස්තාන් ටයිම්ස් අනුග්‍රහයෙනි

No comments:

Post a Comment

Post Bottom Ad