Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Friday, May 8, 2020

නාවික යුවළකගේ මාස 13ක සිගිත්තා ඇතුළු දරුවන් දෙදෙනාටම කොරෝනා


කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් හත් දෙනකු ඊයේ (7 වැනිදා) සවස් වන විට වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 804 දක්වා ඉහළ ගොස් ඇත.

 එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට රෝහල් තුළ ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 17 දෙනකු ඊයේ දිනයේදී ද පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. එම පිරිසද සමගින් මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ රෝගීහු ගණන 232 වෙති.

 කොරෝනා ආසාදිතයන් බවට ඊයේ හදුනා ගත් රෝගීන් හත් දෙනා අතරින් 6 දෙනකුම නාවික හමුදා සාමාජිකයන් වේ. අනෙක් පුද්ගලයා එක් නාවික හමුදා සෙබළකුගේ සමීපතමයකු බව සෞඛ්‍ය අංශ ස`දහන් කරයි.

 කොරෝනා වෛරසය ආසාදනයවූවන් 563 දෙනකු මේ වන විටත් වැඩිදුර ප‍්‍රතිකාර ලබමින් සිටිති. මේ අතර නාවික යුවළකගේ වයස මාස 13 ක් වූ සිගිති දරුවාට සහ ඔවුන්ගේ වැඩිමල් දරුවාටද ඊයේ වන විට කොරෝනා වෛරසය වැළදී තිබෙන බව අනාවරණය කරගෙන තිබිණී.

 කොරෝනා ආසාදිතයන් බවට ඉකුත් 5 වැනිදා සදහන් කරනු ලැබූ ජාතික රෝහලේ වෛද්‍යවරිය සහ රාජගිරියේ මෙන්ම කොළොන්නාවේ පුද්ගලයාද ආසාදිතයන් නොවන බව පෙරේදා (6 වැනිදා) වන විට තහවුරු වී තිබුණු අතර ඒ අනුව නිරෝධායනයට ලක්කර සිටි ඔවුහු සියලූ දෙනා ඊයේ (7 වැනිදා) නිවෙස් වෙත යැවීමට ආරක්‍ෂක අංශ කටයුතු කරනු ලැබිණි.

 මෙරට කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගනු ලැබූ පිරිස අතරින් 400 ක් පමණ දෙනා වැලිසර නාවික හමුදා කදවුරේ රණවිරුන් සහ ඔවුන්ගේ සමීපතමයන් බව හෙළි වී ඇත.

 මේ අතර නාවික හමුදාවේ කොරෝනා ආසාදිත පළමු රණවිරුවා පොළොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයෙන් හදුනා ගැනීමත් සමග හුදකලා කෙරුණු අභයපුර ගම්මානය දින 15 කට පසු ඊයේ යළි විවෘත කෙරිණි.

 නාවික හමුදා රණවිරුවාට කොරෝනා ආසාදනය වී තිබෙන බව හෙළි වීමත් සම`ග පොළොන්නරුව අභයපුර ගම්මානය ඇතුළු ගම්මාන 11 ක් හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළහ.

 කොරෝනා ආසාදනය වීමෙන් මේ දක්වා මෙරටදී සිදුවී ඇති මරණ සංඛ්‍යාව 9 කි.

- සමන් ගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad