කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය කොළඹ මෝදර ප්‍රදේශයේ කාන්තාවන් හේතුවෙන් කොළඹ නගරය තුළ නැවත වතාවක් කොරෝනා අවදානම් තත්ත්වයක් මතුව තිබේ.
ඇය අසනීප තත්වය උග‍්‍ර වී ඊයේ දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොරෝනා සැක සහිත ලක්‍ෂණ හේතුවෙන් උණ රෝහලට මාරු කර යවා පැය කිහිපයකට පසුව මියගොස් තිබිණි.
ඇය මාසයක් පුරාම රෝගී තත්ත්වයෙන් නිවසේ සිට ඇති අතර පවුලේ සාමාජිකයන් අසල්වැසියන් සහ වෙළෙන්දන් ආදී විවිධ සමාජ ස්ථරයන් සමග එම කාලයේදී ගනුදෙනු කර ඇත.
ඒ හේතුවෙන් ඇය ආශ්‍රිතව ගොඩනැගෙන කොරෝනා පොකුර කොතෙක් දැයි මෙතෙක් තක්සේරු කර ගැනීමට නොහැකි තත්වයක් උදාවී තිබේ.
මියගිය කාන්තාව කොළඹ මෝදර ප්‍රදේශයේ පිහිටි ‘මෙත් සද සෙවන’ නිවාස සංකීර්ණයේ බී කොටසේ දහතුන් වැනි මහලේ ජීවත් වූ කාන්තාවකි.
ඒ අනුව එම මහලේ සිටින සියලු දෙනා නිරෝධායනය කිරීමට කටයුතු කර තිබේ.
ඇයගේ සැමියා බේකරි කර නිෂ්පාදන අලෙවි කරන්නෙකු වන අතර ඇය ගතවූ මාසය පුරාම ඔහුට ඒ සඳහා සහයෝගය ලබා දී තිබේ.
ඇය විසූ නිවාස සංකීර්ණයේ පදිංචි දහසකට වැඩි පිරිසක් දැනටම හුදකලා කර ඇත.
එම නිවාස සංකීර්ණයේ සෙසු කොටස්වල පදිංචි 3000ක පමණ පිරිසකගේ කොරෝනා පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.
No comments:
Post a Comment