කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වූහාන් නුවර අධිආරක්ෂිත ජෛව සුරක්ෂිත පරීක්ෂණාගාරය අමෙරිකාවේ අවධානයට ලක්ව තිබෙනවා. ඒ අනුව ආසියාවේ විශාලතම වෛරස් බැංකුව ලෙස සැළකෙන වූහාන් ජෛව පරීක්ෂණාගාරය පූර්ණ අධීක්ෂණයකට ලක් කළ යුතු බවයි ඇමරිකාව ප්‍රකාශ කරන්නේ.
චීනයේ වූහාන් නගරයේ වනසත්ව මස් වෙළඳපොලකින් කොරෝනා වෛරසය මිනිසාට ආසාදනය වූ බව චීන විද්‍යාඥයන් ප්‍රකාශ කළද වූහාන් නගරයේ පිහිටා ඇති වෛරස් පරීක්ෂණාගාරය පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදයේ අවධානය යොමුවී ඇත්තේ එයින් අත්වැරදීමකින් හෝ කොරෝනා වෛරසය මුදාහරින ලද බවට ඇතිවූ සැකය නිසා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
2015 වසරේ ඉදිකළ මෙම ජෛව පරීක්ෂණාගාරය තුල 1500 කට අධික වෛරස් එකතුවක් පවතින අතර යුආන් මිලියන 300 කට අධික මුදලක් වියදම් කරමින් එය ඉදිකර තිබෙනවා. ඒ ප්‍රංශ ජෛව රසායනික සමාගමක උපදේශකත්වය යටතේ බවයි සඳහන් වන්නේ.
වර්ග මීටර 3,000 ක වපසරියකින් යුත් මෙම පරීක්ෂණාගාරයේ වෛරස් සාම්පල රඳවා ඇත්තේ සිලින්ඩරාකාර අධිආරක්ෂිත කොටසක වන බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීනයට එරෙහිව එල්ලවන චෝදනා මීට පෙර ව්‍යාජ මතවාද ලෙස සැළකුණද දැන් ඇමරිකාව ඒ සම්බන්ධයෙන් නිල චෝදනාවක් එල්ල කරන අතර මෙම චෝදනා චීනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා.


No comments:
Post a Comment