Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Tuesday, April 21, 2020

පාකිස්තානයේ සිටින ලාංකික සිසුන් රැගෙන ඒමට ගුවන් යානයක් පිටත් වෙයි


පකිස්තානයේ උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් , මෙම කොවිඩ් - 19 වසංගත රෝගී සමයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් 113 දෙනා යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සදහා   අද(21)   උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් පකිස්තානය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

ශ්‍රී ලංකාවෙන් සිසුන් බොහෝ පිරිසක් විවිධ රටවල උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ගොස් සිටින අතර , ඔවුන් මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට ඔවුන්ව ගෙන්වා ගැනීම සදහා ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ .

එම ඉල්ලීම් අතරින් පළමු අවස්ථාව සාර්ක් රටවල ඉගෙනුම ලැබීම සදහා ගොස් සිටි සිසුන් වෙත හිමි වී තිබෙන අතර , ඒ අනුව මෙරටට ගෙන්වා ගනු ලබන පළමු සිසුන් කණ්ඩායම ලෙස මෙසේ පාකිස්තානයේ උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් සිටින සිසුන් 113 දෙනා අයත් වේ .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1205 දරණ මෙම ගුවන් යානය 4/21 දින උදෑසන 7.40 ට පකිස්තානයේ කරච්චි ගුවන් තොටුපළ බලා පිටත්ව ගිය අතර , එම ගුවන් තොටුපළ තුළ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙම ගුවන් යානය වෙත ඇතුළු කර ගැනීමට නියමිතය .

ඉන්පසුව මෙම ගුවන් යානය එතැන් සිට ලාහෝර් ගුවන් තොටුපළ වෙත ගොස් , එහි රැදී සිටින ඉතිරි ශ්‍රී ලාංකික සිසුන් ද මෙම ගුවන් යානය වෙත ඇතුළු කර ගැනීමට නියමිතය .

මෙම ගුවන් යානය වෙනත් ගුවන් මගීන්ගෙන් තොරව පකිස්තානය බලා  ගමන් ගත් අතර , එම යානය තුළ ගුවන් නියමුවන් ඇතුළු සමස්ථ කාර්යය මණ්ඩලය 17 ක් සිටියහ .

පසුව මෙම ගුවන් යානය අදද (21) දින රාත්‍රී 7.45 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය.

( ටී.කේ.ජී.කපිල )
Source - ලංකාදීප

No comments:

Post a Comment

Post Bottom Ad