
ශ්රී ලංකාව ආසන්න නැගෙනහිර මුහුදේ ගිනි ගනිමින් තිබූ ඉන්ධන නෞකාව නිවා දැමීම සම්බන්ධ සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර ඇත්තේ එය ඉන්දියාවේ ඉන්දීය වෙරල ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද්දක් ලෙසයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එම ගින්න නිවා දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවට ස්තුති කරන ලද බවය.
මේ වන විට එම නෞකාව ඉන්දීය ටග් යාත්‍රා විසින් ගැඹුරු මුහුද දෙසට නාවික සැතපුම් 35ක පමණ දුරක් ඇදගෙන ගොස් ඇත.
ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව මෙන්ම ඉන්දීය ආරක්ෂක අංශ එක්ව කටයුතු කරන ලදී.
නමුත් ඉන්දියාව විසින් නිකුත් කර ඇති සමාජ ජාලා සටහන්වල සඳහන්ව ඇත්තේ මෙහි තීරණාත්මක වැඩ කොටසක් ඉන්දියාව විසින් සිදුකළ බවටයි.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා යාත‍්‍රා දෙකක් ගිනි ගත් නැවට ඉතාම ආසන්නයටම ගොස් අධි අවදානමක් දරා ගිනි නිවීමේ කටයුත්තට දායක වන පින්තූර ජාත්‍යන්තර මාධ්‍ය විසින් ඉහලින් පසසමින් ඇත.



No comments:
Post a Comment