
වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත්, එළුවන්කුලම කූරටියාමොට්ටේ ප්‍රදේශයේ සිදුකර ඇති දැවැන්ත වන සංහාරයට වගකිව යුතු පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කරන්නැයි වයඹ පරිසර සංවිධාන කිහිපයක් ජනපතගෙන් ඉල්ලිම් කරනවා.
වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි වසර සිය ගනනක් පැරණි මෙම වනාන්තර පද්ධතිය සංවිධානාත්මක පිරිස් දේශපාලඥයින්ගේ ද ආධාර අනුබල ඇතිව මෙම වනාන්තර පද්ධිතය වනසා ඇති බවත් මේ පිළිබදව නිසි අවධානය යොමු කරන්නැයි වයඹ පරිසර හඩ සංවිධානයේ සභාපති විල්පොත ප්‍රේමානන්ද හිමියන් පවසා සිටියා.
පරිසර හඩ සංවිධාය ,හරිත පරපුර, ආනවිළුන්දම් පත්තු යන පරිසර සංවිධානය මෙලෙස නිරීක්ෂණයට එක්ව සිටියා.







No comments:
Post a Comment