Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Tuesday, May 12, 2020

සුමන්තිරන් - චමුදිත ආන්දෝලනාත්මක සාකච්චාව මෙන්න

M. A. Sumanthiran

දෙමළ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශ කිහිපයක් හේතුවෙන් දෙමළ සමාජයත් දෙමල දේශපාලන නායකයන්ද දැඩි කැළඹීමකට පත්ව තිබේ.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමගින් අන්තර්ජාල නාලිකාවක සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් සුමන්තිරන් විසින් සිදුකරන ලද ප්‍රකාශයන් නිසා මෙම කැළඹිලි සහගත තත්වය ඇතිව තිබේ.

කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් සිදු කරණ ලද සන්නද්ධ අරගලය තමන් පිළිනොගන්නා බව සුමන්තිරන් පැවසූ අතර එය දෙමළ සමාජය තුළ දැඩි විවේචනයට ලක්ව තිබේ.

දෙමළ සන්ධාන හිටපු මන්ත්‍රීවරයකු වන සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා සඳහන් කර ඇත්තේ එය තම සටනට සිදු කරනු ලැබූ අගෞරවයක් බවයි.

මේ අතර දෙමළ සම්ධාන හිටපු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා විසින් සන්ධානයේ නායක ආර් සම්බන්ධන් වෙත හදිසි ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ සුමන්දිරන් මහතා දෙමළ සන්ධානයේ සියලු තනතුරුවලින් ඉවත් කරන ලෙසයි.

දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අරගල කළ කොටි සංවිධානයට එරෙහිව සුමන්තිරන් විසින් විවිධ චෝදනා එල්ල කර ඇති බවත් ඒ හේතුවෙන් ඔහු තනතුරින් වහා ඉවත් කළ යුතු බවත් ලිපියේ සඳහන් වී ඇත.

කොටි සංවිධානය දෙමළ ජනතාව වෙනුවෙන් විශාල කැපවීමක් කළ බවත් ඊට විරැද්දව අවස්ථා කිහිපයනදීම සුමන්දිරම් මහතා අදහස් පළ කර ඇති බවත් මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම පෙන්වා දී ඇති බවත් ලිපිය මගින් සඳහන් කර තිබේ.

චමුදිත සමරවික‍්‍රම සමග සුමන්දිරන් සිදුකරන ලද ආන්දෝලනාත්මක සංවාදය මෙහි දැක්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad