කොරෝනා වෛරසය පාලනය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින බව ජාත්‍යන්තර පුවත් වෙබ් අඩවි වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාව කොරෝනා වෛරසය ආරම්භයේ සිටම හමා යමින් ඊට ක්‍ෂණික ප්‍රතිචාර දක්වමින් රෝගය කළමනාකරණය කර ඇති බව MSN වෙබ් අඩවිය වාර්තා කරයි.
ශ‍්‍රී ලංකාව සතු විධිමත් සහ ශක්තිමත් සෞඛ්‍ය කලාපයේ සෙසු රටවල් හා සසඳද්දි බොහෝ සෙයින් ඉදිරියෙන් සිටින බව ද එම වාර්තාවේ දැක්වේ.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධාන විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා විසින් කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා අනුගමනය ක්‍රියාමාර්ග සාර්ථක වී ඇති බවයි.
රෝගීන් හඹා ගොස් ඔවුන් හැදකලා කර ප‍්‍රතිකාර කිරීම මගින් ශ‍්‍රී ලංකාව සාර්ථකත්වයක් අත් කරගෙන ඇතැයිද ඔවුන්ගේ නිවේදනයේ දැක්වින.
No comments:
Post a Comment