Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Saturday, May 2, 2020

ඇදිරි නීතිය කඩා බූරු ගැසූ සජිත්ගේ පක්‍ෂයේ අපේක්‍ෂකයා රිමාන්ඩ්


නාවලපිටිය නගර සභාවේ සභාපති සහ සමගි ජනබල වේගයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක සසංක සම්පත් සංජිව ඇතුළු ඔහුගේ ආධාරකරුවන් හත් දෙනෙකු මේ මස 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා (01) දින නියෝග කලහ.

නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ ආධාරකරුවන් හත්දෙනෙකු නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ සංචාරක නිකේතනයක මුදලට සුදු ක්‍රිඩාවේ යෙදුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන එක්කයේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරක් මත එම නිලධාරින් වටවල සහ ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් එක් ව (30) දින පස්වරුවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන (01) දින අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.

පොලිසිය වැටලිම සිදු කරන අවස්තාවේ තවත් සැකකරුවන් 12 දෙනෙකු පලා ගොස් ඇති අතර , මුදලට සුදු ක්‍රිඩාවේ යෙදිමට උපයෝගි කරගත් කාඩ් කුට්ටම් හතරක් , මුදලින් රු හැට දෙදෙහසක් , සභාපතිවරයාගේ පෞද්ගලික අධි සුපෝගබෝගි ජිප් රථය , තවත් මොටර් රථයක් සහ රා බෝතල් කිහිපයක් තිබි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බි 29860 වාර්තාව මගින් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් ගිනිගත්හේන පොලිසිය මහෙස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග සිටි සැකකරුවන් 12 දෙනෙකු පලා ගිය බවත්, එම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට නියමිත නිසා මෙම සැකකරුවන් මේ මස 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර බන්ධනාගාර නිලධාරින් හරහා ඔහුන් නිරෝධාන මද්‍යස්ථානයක් කරා යොමු කරන ලෙසයි.

සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥය වරුන් අධිකරණය හමුවේ කියා සිටියේ ප්‍රධාන සැකකරු දේශපාලනයට සම්බන්ධ කෙනෙකු බවත්, සැකකරු ඔහුගේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයේ ගිනිගත්හේන ප්‍රදේශයේ කාර්යයාලයක් පිහිටුවිමට පැමිණ ඔහුගේ ආධාරකරුවන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කරමින් සිටින අවස්තාවේ පොලිසිය වැටලිමක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි.

එම සැකකරුවන් ඕනැම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසද සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටිහ.

විවෘත අධිකරණයේදි මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ හැටන් මහෙස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශයේ නිරෝධානය සදහා පිලිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් ඉකුත් මස 20 දින අධිකරණ නියෝගයක් නිකුත් කර තිබියදි එම අධිකරණ නියෝගයට පටහැනිව සැකකරුවන් කටයුතු කර ඇති බවත්, කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම පාලනය කිරිම සදහා රජය , සෞඛ්‍යය අංශ , ආරක්ෂක අංශ නිලධාරින් දැඩි කැපවිමකින් කටයුතු කරන අවස්තාවක නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කිරිම සුළුකොට තැකිය නොහැකි බවයි.

මහනුවර දිස්ත්‍රික්කයට තරග වදින අපෙක්ෂයෙකු නුවරඑලිය දිස්ත්‍රික්කය තුල කාර්යයාලයක් පිහිටු විමට කටයුතු කිරිම කිසිසේත් පිලිගත නොහැකි බවත්, ඒ අනුව සැකකරුවන් 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර  සැකකරුවන් බන්ධනාගාර නිලධාරින් හරහා මහනුවර ශික්ෂණ රෝහලේ පි.සි.ආර් පරික්ෂණයකටද යොමු කරන ලෙසට නියෝග කරන බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad