Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Saturday, May 2, 2020

ඉතාලි නැවේ තරුණයා දැන් කියන කතාව


චීනයේ හුබෙයි ප්‍රාන්තයේ ජනිත වී වූහාන් නගරය සිය අණසක යටතට පත්කර ගත් කොරෝනා හෙවත් කොවිඩ් - 19 මාරයා මුළු ලෝකයම බියෙන් සලිත කිරීමට වැඩි කාලයක් නොගත්තේය.

කුලවතුන්, ධනවතුන් මෙන්ම බලවතුන් යැයි කියා ගන්නා පිරිස පමණක් නොව අන්ත අසරණ දුප්පත්, රටවල් කියා කිසිදු අනුකම්පාවක් මේ මාරාන්තික වයිරසයට අදාළ නොවීය. මේ මාරයාට පැරදවීමට නොහැකි වුණේ ස්වභාවධර්මයාට අයත් දෑ පමණි.

ලෝක ප්‍රජාවටම කර කියා ගත හැකි දෙයක් නොමැතිව, අන්ත අසරණ වෙද්දී ඇතැම් රටවල් සිය බලය කොවිඩ් මාරයාට පෙන්වීමට ගත් උත්සාහයන් කෙළවර වූයේ දස දහස් ගණනින් එම රටවල අහිංසක මිනිසුන් මේ මාරයාට හසුවී මරණයට පත්වීම පමණි. තත්ත්වය එන්න එන්නම භයානක අතට හැරෙමින් පවතින බව වටහා ගත් ලෝක නායකත්වය සිය රටවල් සම්පූර්ණයෙන්ම වසා දමන්නට තීරණය කරන්නේ මේ වසංගතයෙන් බේරී සිටීමට, හුදකලාවීම - සමාජ දුරස්ථකරණය මිස වෙනයම් නිශ්චිත ප්‍රතිකර්මයක් නොමැති වීම නිසාවෙනි. ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ ජනතාව චීනයෙන් ඉවත් කර ගන්නට උත්සුක වූ අතර ශ්‍රී  ලංකා රජයද ශ්‍රී  ලන්කන් ගුවන් විරුවන් පිරිසක් චීනයට යවන්නේ එහි කොටුවූ ශ්‍රී  ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් මවුබිමට රැගෙන ඒමටය.

කෙසේ වුවද අපගේ ශිෂ්‍යයන් මෙන්ම ශ්‍රමිකයන්ද තවත් බොහෝ පිරිසක් ලෝකයේ බොහෝ රටවල තවමත් සිටින අතර මේ ලිපිය ලියන මොහොත වන විට ලක් රජය ඔවුන් ගෙන්වා ගැනීමේ ක්‍රමානුකූල වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

සියලු රටවල ආගමන විගමන තහංචි පැනවෙද්දී කිසිදු ගුවන් යානාවකට හෝ නැවකට තම දේශ සීමාවන්ට ඇතුළුවීමට නොහැකි වාතාවරණයක් පවතිද්දී මනුෂ්‍යත්වයේ දෑත් දිගුකළ එකම රට වූයේ අපගේ උදාර මාතෘ භූමියයි. ඉමක් කොනක් නොපෙනෙන මහ සයුරේ අතරමංව සිටි ඉතාලි නැව් සමාගමකට අයත් එම්.එස්.සී. මැග්නිෆිකා (MSC Magnifica) නෞකාවට යළි සිය රට බලා යෑමට ඇවැසි පහසුකම් සැපයීමට ඉදිරිපත් වූයේ ඒ ශ්‍රී  ලාංකික අභිමානයයි.

මෙහි අපි කතා කළ යුතු විශේෂත්වය වන්නේ එවැනි ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ ශ්‍රී  ලාංකික මනුෂ්‍යත්වය විදහාපෑමය. ලෝක බලවතුන් පවා සිය මුහුදු සීමාවට නොගත් මෙම ඉතාලි නෞකාවට යළි මවුරට බලා යාත්‍රා කිරීමට ඇවැසි පහසුකම් සැපයීමටත් එහි සිටි රෝගී කාන්තාවක් අපගේ රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු කිරීම ඇගයිය යුත්තකි.

මෙම අවස්ථාව අපගේ ලාංකිකයකුටද සිය ජීවිතයේ වාසනාවන්ත අවස්ථාවක් උදාකර දුන්නේය.

පැය තුනක පමණ කෙටි වේලාවකට කොළඹ වරායට සේන්දු වූ එම්.එස්.සී. මැග්නිෆිකා නෞකාවේ ශ්‍රී  ලාංකික සූපවේදියාට සිය ජීවිත අවදානමින් මිදීමට හැකි වීමය.

ශ්‍රී  ලංකාවේ රාජ්‍ය නායකයාගේ මානුෂීය මඟපෙන්වීම හා ශ්‍රී  ලංකා නාවික හමුදාවේ අති විශිෂ්ටයන්ගේ අවදානම් කළමනාකාරීත්වය තුළින් එම සූපවේදියාටද සිය මවු රටට ගොඩබැසීමට අවස්ථාව ලැබීම ශ්‍රී  ලාංකික කාටත් අපි අපගේ රට, රාජ්‍ය නායකත්වය, හමුදාව පිළිබඳ අභිමානයක් දැනෙන මොහොතක් වූවාට සැක නැත.

මහනුවර, හන්දෙස්ස, නාරංවිට නම් සුන්දර ග්‍රාමයේ හත්දෙනකුගෙන් සමන්විත පවුලක බාලම සහෝදරයා වන අනුර බණ්ඩාර හේරත් නම් වූ මේ ශ්‍රී  ලාංකික සූපවේදියා ලෝකයේ අප රටද ඇතුළුව වරාය හා ගුවන්තොටුපොළ වසා දැමූ අවස්ථාවක එසේ මවුරටට පා තැබීමට වාසනාව හිමිකරගත් ශ්‍රී  ලාංකිකයා විය.

“අපේ නැව ලංකාවට එන්න කලින් තීරණය කරලා තිබුණේ නැහැ. අපි ඕස්ට්‍රේලියාවට ගියා සැපයුම් ගන්න. නමුත් මේ ලෝක තත්ත්වය හින්දා  කිසිම වරායකින් අපේ නැව ඇතුළට ගත්තේ නැහැ.

අපි දවස් තුනක් විතර මුහුදේ රැඳී සිටියා. අපිත් එක්ක ඒ අවස්ථාව වෙනකොට මුහුදේ යාත්‍රා කළ නැව් පහකට පමණ මේ රෝගය පැතිරිලා තිබුණා.

අපේ නැව විතරයි බේරුණේ. අපේ කැප්ටන් අපිට උපදෙස් දුන්නා නිතර සෞඛ්‍ය පුරුදු අනුව කටයුතු කරන්න කියලා. ඒ වෙනකොට අපේ නැව විතරයි ඉදිරියට ගමන් ගනිමින් හිටියේ.”

මහනුවර, හන්දෙස්ස මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අනුර බණ්ඩාර හේරත් මහතා පාසල් සමයේ විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා විය. එසේම දක්‍ෂ කථිකයකු වන ඔහු විද්‍යාල විවාද කණ්ඩායමේද සාමාජිකයෙකි.

එච්.එම්. රාමනායක මහතා හා ඩබ්ලිව්.එම්. ලලිතා කුමාරි මහත්මියගේ බාල පුත්‍රයා වන අනුර ස්වෝත්සාහයෙන් නැඟී සිටි ආදර්ශවත් තරුණයෙකි.

“මම ඉස්කෝලේ උසස් පෙළ හැදෑරුවේ වාණිජ අංශයේ. මගේ පියා ජීවතුන් අතර නැහැ. පියාගෙන් පස්සේ මම මහජන බැංකුවේ අභ්‍යාසලාභියකු ලෙස සේවය කළා. පස්සේ මම පොල්ගොල්ල තරුණ සේවා ආයතනයේ හෝටල් කළමනාකරණ පාඨමාලාවක් හැදෑරුවා.

සූපවේදී වෘත්තියේ දක්ෂතා දක්වා ඇති ඔහු පේස්ටි්‍ර සහ බේකරි අංශයේ දක්ෂයෙකි. ඒ අනුව 2013 වර්ෂයේ පවත්වන්නට යෙදුණු (Cutlnrynrt) සූපවේදී තරගාවලියේදී සූපවේදී අංශ දෙකක් නියෝජනය කරමින් ලෝකඩ පදක්කම් දෙකක් දිනා ඇත. තවද වසර හතක ක්‍ෂේත්‍රයේ අත්දැකීම් ඔහු සතුය.

මේ ක්‍ෂේත්‍රයෙන් ඉහළට එන්න ගොඩක් අය මට උදවු කළා. නැවේ රැකියාවටත් ඒක ලොකු උදව්වක් වුණා මට ලැබුණු ජයග්‍රහණ.

අපගේ තරුණයන්, නීති විරෝධී ක්‍රමවලින් විදෙස්ගතවන්නට උත්සාහ කරද්දී විදෙස් රැකියා සපයන්නන්ට මුළා වෙද්දී අනුර කළේ අන්තර්ජාලය භාවිත කරමින් තමන්ට ගැළපෙන රැකියාව සොයා යෑමයි.

කිසිවකුටත් බරක් නොවී තමන්ගේම උත්සාහයෙන් වීසා අවසරයද ගැනීමට තරම් ඔහු කාර්යක්ෂම හා දක්ෂ විය. මම ඩුබායිවල (Holiday in) හෝටලයට තමයි මුලින්ම ගියේ. ඒත් ඔන් ලයින් ඇප්ලිකේෂන් දාලා. නමුත් මෙඩිකල් එක කර ගන්න ටිකක් කරදර වෙන්න වුණා. ඉන් පස්සෙ හුඟක් මම උත්සාහ කරලා (Panamabook) නාවිකයකු ලෙස රටවලින් මුහුදු සීමාවන් වෙත ඇතුළු වීමේ ජාත්‍යන්තර බලපත්‍රය අරගෙන තමයි මුලින්ම එම්.එස්.සී. ආර්මෝනියා (M.S.C. Armonia) නැවට ආවේ. පස්සේ තවත් නැවක හිටියා.

එම්. එස්. සී. මැග්නිෆිකා (M.S.C Mgnifica) නෞකාව නැවත සිය මවුරට බලා යෑමට අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට සෙසු රටවලටත් ප්‍රතික්ෂේප වන අවස්ථාවක එහි කපිතාන්වරයා වූ රොබටෝ ලියෝටෝ (Roboto liyoto) මහතා සිය ගමන්මඟ ශ්‍රී  ලංකාව දෙසට හැරවීමට කටයුතු කළේය. ඇමෙරිකාව ප්‍රමුඛ රටවල යුද කුටිවල පවා නාවිකයන් මේ කොවිඩ් රකුසාගේ ග්‍රහණයට නතු වෙද්දී මේ මගී නෞකාවේ සිටි අනුර බණ්ඩාර ද සිය ජීවිතය ගලවා ගැනීමේ සටන අත නොහැරියේය.

ඒ නැව යළි ඉතාලියට ගියහොත් ලංකාවට පැමිණීම සිහිනයක් වීම නිසාය.

මම නැව ලංකාව දෙසට යනවා කිව්වාම මාව ලංකාවට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවාද කියලා හොයලා බැලුවා. සමාජ මාධ්‍ය ඔස්සේ අපේ ජනාධිපතිතුමාටත් වගකිව යුතු අංශවලටත් කතා කළා.

සන්තෝෂයි කියන්න මාව ලංකාවට ගත්තා. ගොඩක් දෙනෙක් උදවු කළා. නැවේ කැප්ටන් හම්බවෙන්න අපිට හරිම අමාරුයි. මොකද කාර්ය මණ්ඩලය විශාලයි. අපේ කැප්ටන් ඇවිල්ලා මට කිව්වා ඔයාව ලංකාවෙන් ඉල්ලනවා කියලා.

එයා මට කිව්වා මට පුදුමයි කිසිදු රටකින් මේ වගේ නාවිකයෙක් මඟදි ඉල්ලලා නැහැ කියලා. එයා කිව්වා හරිම පුදුම අවස්ථාවක් කියලා. කිසිදු රටකින් මේ වගේ නාවිකයෙක් ළඟදී ඉල්ලලා නෑ කියලා.

කොහොම වුණත් කැප්ටන්ගේ තීරණය තමයි අවසන් තීරණය. ඔහු මට අනුමැතිය දුන්නේ නැත්නම් මට ලංකාවට එන්න වෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතුමාටත්, නාවික හමුදාව ඇතුළු උදවු කළ සැමට ස්තුතියි කියන්න ඕනෑ.

පසුගිය මාර්තු මාසයේ කොළඹ වරායෙන් ශ්‍රී  ලංකාවට පැමිණි අනුර බණ්ඩාර හේරත් මහතා එහි සිටම ශ්‍රී  ලංකා නාවික හමුදාව යටතේ පවතින නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරිණි. නිරෝධායනය නිමවා පැමිණි ඔහු මේ වන විට සිය නිවෙසේ දින 14ක ස්වයං නිරෝධායනයක යෙදී සිටී.

නිරෝධායනය කියන්නේ බන්ධනාගාර ගත කිරීමක් නොවේ. එහි වාසිය පළමුව තමන්ට, දෙවනුව තමන්ගේ පවුලට. ඔබ නිවැරදිව නිරෝධායනය වුණොත් අපේ මුළු රටම ආරක්ෂා වෙයි. තවදුරටත් “මව්බිම”ට කතා කළ අනුර බණ්ඩාර මහතා නිරෝධායන මධ්‍යස්ථාන පවත්වා ගෙන යන ත්‍රිවිධ හමුදාව අපිට ඔළුව පීරන පනාවේ ඉඳලා සෙරප්පු දෙක පවා සපයනවා. මෙහෙම මානුෂවාදී හමුදාවක් ලොව කොතැනකවත් නැහැ. ඔබ නිරෝධායන නීතිය කඩ කරනවා නම් ඇඳිරි නීතිය පිළිපදින්නේ නැත්නම් ඒ අය කරන්නේ මම වගේ විදෙස් රටවලින් එන්න බලා ඉන්න අයට ලොකු අසාධාරණයක්. අපේ රට ඉස්සරහට යන්න ඕනෑ. මේ උදා වෙලා තියෙන්නේ නැවතිලා ඉන්න පුළුවන් කාලයක් නෙවේ. හැබැයි එහි වගකීම අප සියලු දෙනා අතයි රැඳෙන්නේ.

සෙංකඩගල - කෝකිල සමීර
Source - මව්බිම


No comments:

Post a Comment

Post Bottom Ad